Thotupola

Siri Sara Bulath Wita

Milton Perera

චිත්‍රපටය: සාරවිට (1965) (සිරිසාර බුලත් විට කාලා බලන්....//) හොඳ නංගී වරෙන් පොඩි මල්ලී වරෙන් කට සුවඳ කරයි දත් පණුවෝ නොකයි සිරිසාර බුලත් විට කාලා බලන්.... (පන්සලේ පල්ලියේ කෝවිලේ හංදිය බස් නැවතුම්පල පෝලිමේ හැමතැන...//) කාගෙත් හොඳහිත සමඟ බෙදාගෙන කාලා බලන්.... (කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි...//) (ඉඟුරුපියලි කොත්තමල්ලී චුන්නබූග නාගවල්ලි...//) මේවා නිසි පදමට ගෙන කටට රහට සිරිසාර බුලත් විට කාලා බලන්.... සිරිසාර බුලත්.... (ඇති නෑදෑකම් නැති කරගන්නට නැති නෑදෑකම් ඇති කරගන්නට.....//) සැපතට විපතට ගමනට බිමනට කාලා බලන්.... කරදමුංගු කරාබුනැටි......

Siri Sara Bulath Wita lyrics · Milton Perera