Thotupola

Denuwan (Dahasin Sadi Pem Sithiwili)

Iraj, Meena Prasadinee, Peshala Gamage

රහසින් සැදි පෙම් සිතුවිලි‍ ළමැදේ ඔබේ අතුරන්නෙමි යුග ගී රැඳි සුළඟක් ලෙසින් සවනේ ඔබේ රැව් දෙන්නෙමි...... දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමි හදවතින්ම මා පිළිගත් ළබැඳි සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි ජීවිතේදී මා පැතු සුපෙම්වතී.... (දහසින් සැදි පෙම් සිතුවිලි‍ ළමැදේ ඔබේ අතුරන්නෙමි.....//) දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමි පෙම් තෙපුල් පුදා තෙරපන විටදී රහසින් පවා ඔබ අමතන්නෙමි ආදරයේදී මා ඔබ හට පරදිමි ජීවිතේ ‍සුවඳැති ආදරේ උල්පතී වරලේ සුවඳ ගෑවී ඔබේ තුරුලේ පහස දැඩිවෙයි මගේ..... දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමි හදවතින්ම මා පිළිගත් ළබැඳි සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි ජීවිතේදී මා පැතු සුපෙම්වතා....

Denuwan (Dahasin Sadi Pem Sithiwili) lyrics · Iraj, Meena Prasadinee, Peshala Gamage