Thotupola

Mage Sithe Sonduru

Champika Priyashantha

මගේ හිතේ සොඳුරුම තැන තවම ඔබටම පේවෙලා ඇති බව පවසන්න ඔබේ සිතටම මතුවෙලා සැනසුම හිනැහෙන්න පෙර වාගේ ළං වෙලා පෙර ලෙසට නැලවෙන්න මගේ තුරුලේ...... වැව්තෙරේ රඟහලේ හමුවෙලා උන් තාලේ සිහිනයෙන් සිහිනයට දැනෙනවා සුවඳක් සේ ඔය නීල නෙතු සඟලින් ඇයි මා බොඳ කෙරුවේ දුක නැද්ද සිත ඔබගේ හැරයන්න මේ වාගේ....... මගේ හිතේ සොඳුරුම..... ලොව මගේ මියැදිලා හිරු එන්නේ නෑ ආයේ දිනෙන් දින ගත වෙනවා දුරින් දුර වැඩි වාගේ මග තොටේ හමු වීලා ඔබ යනවා දුටු මොහොතේ දැවෙනවා සිත මාගේ හිරු දුටුව පිනි බිඳු සේ..... මගේ හිතේ සොඳුරුම.....

Mage Sithe Sonduru lyrics · Champika Priyashantha