Thotupola

Anuragika Nethu Mane (Maharaja Kansa Theme Song)

Udara Rathnayake

අනුරාගික නෙතු මානේ පිය නගලා මන්දාකිණි තරු යායේ සැරිසරලා සිහින මවනා දෙනෙත සොයලා පවන කලතා හැඟුම ගවසා අහස කළඹා ඔබම සොයනා දිවිය නොතකා ඔබම පතනා ශෘංගාරිය සොයා මන්දාකිණි ගෙවා මහාමෙර දවා ඔබ වෙත ලං වෙමි සදා මා ඔබෙ දෑතම දරා ගෙනයමි ලෝකය පුරා ආදර හීසර යවා ඔබ වෙත ලං වෙමි සදා රෑ මැවු හීනය පුරා ඔබෙ රුව මා දුටු නිසා ලෝකය පාමුල තියා ඔබ වෙත ලං වෙමි සදා ආශා ලං ලං වේදෝ සැමදා මා ඔබේ දෑතම දරා.... මගෙ හදවතේ රුව මැවේ නිල් නෙතු ඇගෙ මට දැනේ හැඟුමන් මැවේ රෑ තුන්යමේ ඔබ ගැන නිතරම සිතේ සිතුවිලි මගේ සසල වේ මල් පිනි වගෙ සුව දැනේ රිදුමන් නොදේ මතු කිසිදිනේ ඔබෙ නෙතු නිතරම මැවේ මා ඔබේ දෑතම දරා.... ආශා ලං ලං වේදෝ යන්තම් පාවී යං යං නේදෝ සැමදා.....

Anuragika Nethu Mane (Maharaja Kansa Theme Song) lyrics · Udara Rathnayake