Thotupola

Dahas Ganan Heena Balala - Kotipathiyo

Shyamen Dangamuwa

දහස් ගණන් හීන බලලා ලක්ෂ ගණන් පෙරුම් පුරලා කෝටි ගණන් හම්බ කරලා හිටියද රජ වී ගත සැපතින් වෙහෙස වෙලා හිත සතුටින් වියරු වෙලා වියරු වෙලා සීතල කළ කාමර වල ජීවිත උණුසුමක් නැතිව කෝටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ...... රුපියල් සුවඳට මත් වී සුරදූතියෝ ළං වුණාට පාට කරපු දෙතොල් වලින් ආදර බස් තෙපලුවාට වස විතරයි ආදරේ නෑ හදවත් ඇතුලේ සීතල කළ කාමර වල ජීවිත උණුසුමක් නැතිව කෝටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ...... නෝට්ටු කොළ වල දැවටී ඕ සද්දෙට ළං වුණාම බෙහෙත විදි නොකා නොබී පෝසත්කම විඳෙව්වාට හම්බ කරපු සතුටක් නෑ සේප්පු ඇතුලේ සේප්පු ඇතුලේ..... දහස් ගණන්.......

Dahas Ganan Heena Balala - Kotipathiyo lyrics · Shyamen Dangamuwa