Nil Tharuka
සිත්තම් සේයා අතරින් රූ චායා මැවෙනා සිහිනේ තරු අසලින් පායා සඳ දෙවඟනක් අහසේ සැතපිලා මා දෙස බලා උන්නා (නිල් තාරුකා පිරුණු ආකාහේ මල් වැස්සේ පිනි වැටුණු සඳ වාගේ......//) සුර ලොවින් පැමිණේනා දෙවඟනකි නුඹ සදා...... නෙතඟින් පානා නුඹේ පැහැදුල් සිනහා නොසිතූ විලසින් හිත හිරිවට්ටනවා මේ පාළු හෝරාවේ නුඹ මගේ හිත පුරා සැරිසරනවා...... නිල් තාරුකා.......//
