Thotupola

Heenayakda Me

Ashan Fernando, Dilki Uresha

මේ වස්සාන සිහිනය පුරා පෙම් හොරෙක් රහසේ අඩි තියා මහ රෑ තිස්සේ හිරිහැර කළා මගේ උන්මාද පෙම ඇහැරවා ඔබෙ සෙවණට වෙලා දිවිතුරා ඉන්නම් ඔබට ඇප කැප වෙලා හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුණේ ජීවිතයම පුදුමාකාරයි හීනයක්ද මේ.... පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ හැඟුම් කිති කැවුණා නිස්කාරණේ මේ පිරිමි පපුවේ නුඹට මිස ළඳුනේ නෑ පෙම උපන්නේ සංසාරයේ පෙරුම් පුරා ළං වෙලා ආත්මයම හැඩ කළා උපදිනා භවයක් පුරා අපි අපේ වේවා සදා හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුණේ ජීවිතයම පුදුමාකාරයි හීනයක්ද මේ....

Heenayakda Me lyrics · Ashan Fernando, Dilki Uresha