Amme Mathu Budu Wenna Epa
අම්මේ මතු බුදු වෙන්න එපා ආයෙත් මං උපදින හන්දා මගේම වෙන්න අම්මා අම්මේ මතු බුදු වෙන්න එපා යස ඉසුරට ලොභ බැද ළංවුන අඟනුන් ඇයි අම්මේ මට පිටුපාලා ගියේ ලෙඩ දුක් කරදර මා වටකරගෙන ඒත් මගේ අම්මා මගේ ළඟම උන්නා අම්මේ මතු බුදු වෙන්න එපා මහළු මඩම් මොකටද මගේ අම්මට මමම සුවය දෙන්නම් ඔබගෙ ළඟම ඉන්නම් මේ භවයෙදි පැතුම් පතන්නේ මතු භවයෙදි අම්මේ ඔබේම පුතු වෙන්නයි අම්මේ මතු බුදු වෙන්න එපා ආයෙත් මං උපදින හන්දා මගේම වෙන්න අම්මා මේ සසරෙදිත් ඔබයි මගෙයි අම්මා මතු සසරෙදිත් ඔබයි මගෙයි අම්මා //
