Oya Danne Ne (Oya Hitiya Tharamak)
ඔයා හිටියේ තරමක් හිත පතුලේ මතකයට ගුලි වෙලා තාමත් හිත යට හැඬෙනවා මගේ අතීතය සිහවෙලා ගිය හැටි තාමත් මතකයි අදටත් (ඔයා දන්නේ නෑ විඳිනා දුක දන්නේ නෑ......//) පෙම් කර හදවත් රිදවලා දුන් දුක තවමත් විඳිනවා යන හැටි දෑතක පැටලීලා කඳුළුත් සරදම් කරනවා (ඔයා දන්නේ නෑ විඳිනා දුක දන්නේ නෑ......//) රහසේ අද මම තනිවෙලා කඳුලින් තනිකම මකනවා ඔබ වෙන තුරුලක නැවතිලා හිනැහී මා දෙස බලනවා (ඔයා දන්නේ නෑ විඳිනා දුක දන්නේ නෑ......//) ඔයා හිටියේ......
