Thotupola

Poyata Avilena

Karunarathna Divulgane

පෝයට ඇවිලෙන හඳක් වගේ වුන් දියණියනේ කිම මේ මලක් පර වුණා වාගේ මලේ සුවඳ උඩු හුළඟේ ගියා වගේ ඉහිරනු කිරකට නාඬන් වැළහින්නක සේ අකුරු කරන් යළි පිබිදි හිරු මඩලක් සේ අකුරින් ජය ගෙන නුඹ රැජිනක් වන දවසේ මවක් වෙයන් නුඹ රිදවූ නුවරුන් හමුවේ ගිලිහුණු කඳුළයි මතු මුතු වී බබළන්නේ වැලක හැදුණු ගෙඩි වැලකට නෑ බරවෙන්නේ අකල් අනෝරා නින්දා වැහි වැටුණාවේ නොසැලී හිනැහෙන් යසෝදරාවන් වාගේ

Poyata Avilena lyrics · Karunarathna Divulgane