Pini Podak Nathiwa
පිනි පොදක් නැතිව සුසුම් හෙළන වන්නි තුලානේ උඹ හිනා වුණත් කරඹ මලක් සේ හිත ඉකිගහනා හඬ ඇහුණා හීන් සීරුවේ සිකුරු තරුව හැමදාමත් ඔච්චම් කෙරුවා ඉරගල වැටෙන කරුවලේ පැණි මොර මල් සුවඳට එන බඹරු රැහේ ඉගිලුණා ද උඩු හුළං මනාපේ අටවක හඳ රටා වියන වැව් ඉස්මත්තෙන් සී පද අඬහැර ඇසුණේ උඹේ හිතේ කකියන දුක හේවාරම් සී පදයට උඹ කියාපන් නගේ
