Dase Mage Sathapena
දෑසේ මාගේ සැතපෙනා ආදරේ වේදනා කැලති කැලති එයි කඳුළු උරුම වෙයි අද විසිතුරු නෑ ජීවේ දෑසේ මාගේ සැතපෙනා මල් මල් රටකය ඔබ මා කැඳවා ආවේ රන් කුසලානෙනි පෙම් මදිරා ඔබ පෑවේ ආදර තාලෙනි ආදර ගීතය කීවේ සිනාවෙන් කඳුලැලි පිරි රටකය ඔබ මා හැරලූවේ මීවිත පුරවා දී දෙතොලින් පොඟවාලා ආදර කැල්මෙන් මා උණුසුම් කරවාලා තුරුලට ගනු මැන යළි මා සිප සනසාලා දයාවෙන් සදහට ඔබ මාගේ කියා පවසාලා
