Thotupola

Heena Gane

Ruvin Maladeniya

ඇස් පුරා රැස්වෙනා වේදනා රෑ පුරා රැයේම මාව පාරා තියා මේ ලෙසේ වේදනා හේතු දී එදා ඇයි ගියේ සදා මාව දාලා ඔයා හීන ගානේ රෑට පේනා හේතු කාරණා රෑ පුරාම දෑස ගාව ගේන වේදනා මගේ සේද ආදරේ හැමදාම මේ භවේ සසරේ පුරා මියැදී නොයා පවතීවි මා හදේ....... තරුවක් හරි ඇති මේ රැයේ පෙරදාක රෑක මාගේ ගාව හීන තේරුවේ අද නෑ ඒ වගේ මා පැතු ආදරේ පාවෙලා ඈ ගියේ ආවේ නෑ ආයේ හීන ගානේ රෑට පේනා හේතු කාරණා රෑ පුරාම දෑස ගාව ගේන වේදනා මගේ සේද ආදරේ හැමදාම මේ භවේ සසරේ පුරා මියැදී නොයා පවතීවි මා හදේ....... පැතු ආදරේ බිඳ දා ගියේ තරු දෑස පේනා වේදනාව සීත පාළුවේ මට නෑ තේරුණේ මා පෙළු කාරණේ පාවෙලා ඈ ගියේ ආවේ නෑ ආයේ...... ඇස් පුරා රැස්වෙනා.......

Heena Gane lyrics · Ruvin Maladeniya