Thotupola

Sanda Kumariye

Samith Madushan

දවසක් මා සිහිනයෙන් සඳ කුමරෙක් වූවා සඳ කුමරිය මා ළඟ සිට මට ආදරේ පැවසූවා රෑ ජාමේ ටික ටික ගෙවී ගිහින් ආලෝකය උදා වුණා (මා තනි වී සිටියා......//) සඳ සේ දිලි සඳ කුමරියේ සඳ බොඳ වුණේ කිමදෝ දැනේ සිහිනෙන් හෝ ඇවිත් කියන්නට හිතෙයි ආදරේ පෙර ලෙසේ කුමරියේ....... හැබැහින් දුටු දා ඉඳන් මගේ සිත ඔබ ළඟ නතර වුණා මගේ ආදරේ ඔබ හට පැවසීමට මා සැමදා ආශා කළා ඒ ආදරේ ඔබ හට කීමට ගිය විට ඔබ මට එරෙහි වුණා (ඔබ ඇයි මෙතරම් මා රිදවන්නේ.....//) සඳ සේ දිලි සඳ කුමරියේ සඳ බොඳ වුණේ කිමදෝ දැනේ සිහිනෙන් හෝ ඇවිත් කියන්නට හිතෙයි ආදරේ පෙර ලෙසේ කුමරියේ....... මා ඔබහට ආදරේ කළා ඔබ මට වෛර කළා මා ඔබහට ළං වෙන්න ගියා ඔබ ඈතටම ගියා මගේ හදවත ඔබ ළඟ තියා ගියා ඔබ මට නොපෙනීම ගියා (ඔබ ඇයි මෙතරම් මා රිදවන්නේ.....//) සඳ සේ දිලි සඳ කුමරියේ සඳ බොඳ වුණේ කිමදෝ දැනේ සිහිනෙන් හෝ ඇවිත් කියන්නට හිතෙයි ආදරේ පෙර ලෙසේ කුමරියේ.......

Sanda Kumariye lyrics · Samith Madushan