Kandulak Thiya
සඳ රේණු අතරේ සැඟවීලා මා රිදවයි හද පාරවා අතීතයේ පෙම් සිහින මවා මේ ලොවේ මා තනිවෙලා (කඳුලක් තියා මා ළඟින් ඔයා සැඟවී නොපෙනී දුර යන්න ගියා.....//) නොපෙනෙන මානෙක රුව සඟවා ඔබේ සිනා හඬ මට ඇසුණා ගඟුලක් සේ සුවය ගෙනා ඒ සිසිලස අද මට නැතුවා (කඳුලක් තියා මා ළඟින් ඔයා සැඟවී නොපෙනී දුර යන්න ගියා.....//) දහසක් මල් සුපිපෙන ලෝකේ මට හිමි කුසුමයි මිලින වුණේ සුසුම් පොදක් තුරුළු කරන් සිනාසෙන්න බෑ මේ භවයේ (කඳුලක් තියා මා ළඟින් ඔයා සැඟවී නොපෙනී දුර යන්න ගියා.....//) සඳ රේණු අතරේ.......
