Thotupola

Anduru Kale Susudu Male

T M Jayarathna

අඳුරු කැලේ සුසුදු මලේ කවදාදෝ පිපුනේ රුදුරු ලොවේ ඇසුර දැනේ මොනවාදෝ සිතුනේ // කන්ද උඩින් මෝදු වෙවී හඳ පායනවා පියැලි පුරා උතුරා පිනිබිඳු විසිරෙනවා // කැලයේ පිපුනු මලේ ඔබේ හසරැල් විකසිත වෙනවා අඳුරු කැලේ සුසුදු ....... ලන්ද දිගේ බඹරා නුරා හඳ පාවෙනවා සුවඳ උරා සැනහී ඈතක පියාඹනවා // කැලයේ පිපුනු මලේ ඔබ තනිවී මුකුලිත වෙනවා අඳුරු කැලේ සුසුදු ........

Anduru Kale Susudu Male lyrics · T M Jayarathna