Sonduru Pemak
සොඳුරු පෙමක් ගැන හිතන්න ඉඩ නෑ ඔබගෙන් මා ලද දුක් හින්දා සිහින මවන්නට මගේ හිත ඉඩ නෑ (ආදරයක් දුන් පව් හින්දා......//) කඳුළු ගලන්නේ සියුමැලි දෑසින් නුඹ ගැන මතකෙට එන හින්දා දවස ගෙවෙන්නේ මා අද තනියෙන් (තනිකම පාළුව ළඟ රන්දා......//) සොඳුරු පෙමක්....... ළමැද ගිනි ගනී නුඹ ගැන සිහිවී දුකම පමණි නිදි සයනේ වැතිරී අන්ධ වෙලාදෝ දෙනුවන් රතු වී (වැටහෙනු නෑ මේ සිත්ද අපේ......//) සොඳුරු පෙමක්.......
