Thotupola

Demaga Dethanaka

Saman Priyankara

දෙමග දෙතැනක බව සැබැයි අප වෙන් වෙලා දිගු කල් තමයි වෙන් නොවී සිත යටට වී සැගවෙයි තවම ඔබ ඇවිදින හැඩයි වසත් සද දැල්වී මැදුරු දොර එකම සැණකෙලියයි නොපැයූ තරුවේ එලිය ඔබ එයම සිත කළඹයි සිතට හරි පුදුමයි දෙමග දෙතැනක.... වසන්තය පලදා උයන් තෙර කුසුම් වැසි සමයි වියොවූ කුසුමේ සුවද ඔබ එයම සිත කළඹයි හිතට හරි පුදුමයි දෙමග දෙතැනක.......

Demaga Dethanaka lyrics · Saman Priyankara