Thotupola

Dewani Pemwatha

Ravindu Sathsara

දෙවැනි පෙම්වතා වෙන්නට තිබුණත් වරම් මා හැර ගියා ඔයා පවසා ඔහුගේ හිමිකම් අහිතක් නැතේ ගියාට ඔබ සමුඅරන් තවමත් හිතේ තියෙනා සෙනෙහස අරන් පාළුව විඳන් දුක් වෙමි ඈතට වෙලා ශාප නොකරමි මතකයට ගිනි අවුලලා....... මුල් පෙමත් ඔහුට දී ඔහුගේම වී ඔහු සැනසුවේ ඔයා තුරුලටම වී දැන දැන පෙම් කළේ මං මුලා වී හඬන්නේ නැතිව හිතින් අද වැලපී...... දෙවැනි පෙම්වතා වෙන්නට තිබුණත් වරම් මා හැර ගියා ඔයා පවසා ඔහුගේ හිමිකම්....... අන්සතු ඔයා පැතු මා වරදැති දුක ලැබුණේ මේ හිතට ඒ හින්දැති නොලැබෙනා බව දැනත් තව හිත ඇති පෙර කරපු පව නිසා වෙන් වෙන්නැති....... දෙවැනි පෙම්වතා........

Dewani Pemwatha lyrics · Ravindu Sathsara