Dalada Hamuduruwane
දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ ආල හිතක් මට ලැබෙන්න පැතුවා සංසාරේ පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි නිල්පැල්පත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි දළදා හාමුදුරුවනේ ...... මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි ඇල් සුළඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි දළදා හාමුදුරුවනේ ........
