Thotupola

Mata Numbe Adare Sihinayakdo

Romesh Sugathapala

මට නුඹේ ආදරේ සිහිනයක්දෝ ඔය ඇස් මට ආදරේ කියයිදෝ මගේ මේ ජීවිතේ ඔබගේදෝ නුඹේ හිත මාගේ වෙනවාදෝ මල් සුවඳ සිප ගන්න උණහුමට ගුලි වෙන්න හිතයිදෝ පෙම් සිහිනේ ඇලවෙන්න ඇස් මානේ නවතින්න වෙයිදෝ මේ සිහින හැමදාම මා ළඟම තනියට හිදියිදෝ නුඹ මාගේ හිත ගාව දඟදාන මිහිරාවි නේදෝ මං නුඹේමයි නුඹ කියයිදෝ මට ආදරෙන් නුඹ හිදියිදෝ නුඹ මට හීනයක් නොවෙයිදෝ මට නුඹේ ආදරේ ලැබෙයිදෝ උන්මාදේ දැවටෙන්න හීනෙන් ගමන් යන්න වෙයිදෝ හසරැල්ලේ පාවෙන්න හීනයට තටු දෙන්න එයිදෝ මේ සිහින හැමදාම මා ළඟම තනියට හිදියිදෝ මේ සිහිනේ ඉගිලෙන්න මිහිරාවියක් වෙන්නේ කවුදෝ ඔබ මට ආදරේ දෙනවාදෝ දැඩි සිත මාගේමයි නේදෝ කෝ මගේ මිහිරාවි කොහිදෝ මං ඔබේ වෙලා සිත උමතු වෙලා මට නුඹේ ආදරේ සිහිනයක්දෝ මට ආදරෙන් නුඹ හිදියිදෝ මගේ මේ ජීවිතේ ඔබගේදෝ මට නුඹේ ආදරේ ලැබෙයිදෝ මට නුඹේ ආදරේ ..........

Mata Numbe Adare Sihinayakdo lyrics · Romesh Sugathapala