Thotupola

Ma Hada Nalawana

Punsiri Soysa

මා හද නලවන මා සිත සනසන බලාපොරොත්තුව ඔබට ප්‍රියේ එනමුදු සොඳුරියේ ඔබේ බොළඳ බව ඔබ හට පැවසිය යුතුව තියේ සුමුදු මලෙක ඇති මදු පැන් නැතිනම් බඹරා මල වෙත නොයනු ඇතේ වැට කොටු බැඳ ඇති මී අඹ වනයට කොවුල් හඩින් ගී ගයනු නැතේ මා හද නලවන ........... බැඳුණු යදමි වැල් සිඳලිය නොහැකිද අනුකම්පාවක් සිතට නැගේ සිත මිස කය නැති බඹලොවකට ඔබ මා කැඳවන්නේ මන්ද නගේ මා හද නලවන .......

Ma Hada Nalawana lyrics · Punsiri Soysa