Thotupola

Adara Landune

Isuru Umeshan

රණ තිසර රුවැති ළඳුනේ මීවිත පිරි ඔය දෙතොලේ සැනසෙන්නම් අද රහසේ ආදරියේ පණ මාගේ පෙර දිනෙක එදා බැඳුනේ මා තනිව උන්නු මොහොතේ ඔබේ ආදර ඔය පහසේ පින පහල කළා මාගේ (ළඳුනේ ආදර ළඳුනේ බැඳුනේ මා හද බැඳුනේ හැඟුමන් මා හද රැඳුනේ සනසාවී හිත මාගේ.......//) මුදු සිහින රුවන් මහදේ පායාපන් අද රහසේ උරතලයේ මා රහසේ සැනසෙන්නම් මද පහසේ සිතුවම් මා හද රැන්දූ ඔය රුව පිනකට ලැබුණාදෝ රත්තරනේ ළං වී ඉන්නම් ආදර ළඳුනේ (ළඳුනේ ආදර ළඳුනේ බැඳුනේ මා හද බැඳුනේ හැඟුමන් මා හද රැඳුනේ සනසාවී හිත මාගේ.......//) (මේ හිතම පිරී උතුරා ආදරේ නුඹට බෝමයි ඔය මුවට සිනහා කැන්දා රන් සිහින සදාලයි....//) ළඳුනේ ආදර ළඳුනේ ළඳුනේ ළඳුනේ ළඳුනේ ළඳුනේ ආදර ළඳුනේ ළඳුනේ ළඳුනේ ළඳුනේ (ළඳුනේ ආදර ළඳුනේ බැඳුනේ මා හද බැඳුනේ හැඟුමන් මා හද රැඳුනේ සනසාවී හිත මාගේ.......//)

Adara Landune lyrics · Isuru Umeshan