Thotupola

Pawanak Se

Nuwan Gunawardhane

පවනක් සේ ඔබ ඒ යැයි සිතුවා කුණාටුවක් වී ඔබ ආවා ඔබ පෙර මග මා අතුරා ලූ මල් දුහුවිල්ලෙන් වැසුනා // සඳ රැල්ලක් වී නිශා තලේ ඔබ පායා එනතුරු සිටියා // නුඹ ගැබ කළඹා මහ වැසි වපුරා අකුණු සැරක් වී ඔබ ආවා ... ඔබ ආවා පවනක් සේ ... හසරැල්ලක් වී මගේ ලොවේ ඔබ පාවී එනතුරු සිටියා // නෙතු යුග උතුරා සෙනෙහස දෙදරා කඳුළු ගඟක් වී ඔබ ආවා ... ඔබ ආවා... පවනක් සේ ...

Pawanak Se lyrics · Nuwan Gunawardhane