Thotupola

Adu Kule Kiyala

A J Kareem

(අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා වංශේ කුල බේදේ මේ ලොවේ නොම වේ බමුණා හෝ වසලයා....//) (පුහු මානය හෘදේ පුරවන්නේ දස පාප ක්‍රියාවේ පැටලෙන්නේ....//) යුතුකම් සුසිරී මග නොම දන්නේ ඔහු නොවෙද මේ ලෝකේ වසලයා වංශේ කුල බේදේ මේ ලොවේ නොම වේ බමුණා හෝ වසලයා.... (එක ලේ මස නහරින් බැඳුනු තදේ මුළු ජීවිත කාලේ විඳින වදේ......//) අවසානෙහිදී මරු සමඟ ඇ‍ඳේ මෙය නොදැන සිටින්නේ වසලයා වංශේ කුල බේදේ මේ ලොවේ නොම වේ බමුණා හෝ වසලයා.... අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මේ ලෝකේ වසලයා වංශේ කුල බේදේ මේ ලොවේ නොම වේ බමුණා හෝ වසලයා...

Adu Kule Kiyala lyrics · A J Kareem