Thotupola

Dasin Obeyi Mageyi

Milton Mallawarachchi

දෑසින් ඔබෙයි මගෙයි ප්‍රියේ මුතුලැල් සැලේ කුමරියේ // මුතු බිංදු ඒ අපේ නෙතේ විකුණන්නේ දෑයි අසා ලදේ උදයෙන්ම ඒවී ලෝකයා ලොව ඒ තමා සංසාර පාරේ සංතාප සේදූ හද අමරණීය වූ අප දිව්‍ය ප්‍රේමයේ // පෑගී ඉරි සුන්වී කඳුළැල් පවා හැලූ අරගන්නකෝ මිලදී ලොව එය ප්‍රියේ දෑසින් ඔබෙයි මගෙයි ... පෙම් ගින්න ලෝකේ අවුලා තියලා ඒ අග්නිජාලයේ හිනැහේවි ලෝකයා // සඳු හා නිවි තරුවැල් ශෝකාන්ධකාරයේ නාඩන් ඉතින් කුමරි කඳුළල් සලා දෑසින් ඔබෙයි මගෙයි ....

Dasin Obeyi Mageyi lyrics · Milton Mallawarachchi