Thotupola

Wile Pipunu Malak

Milton Mallawarachchi

විලේ පිපුණු මලක් ඇතේ වැලේ පිපිණු මලක් වෙතේ ඒ මලවත් මේ මලවත් නෙලා ගන්න ඉඩක් නැතේ විල ඇත්තේ අඳුරු කැලේ වැල ඇත්තේ කට අකුලේ මගේ සිතයි මගේ පයයි එහි යන්නට බියෙන් සැලේ මිදුල පුරා සුවඳ පුරා ඇතේ මල් පිපුණට බමරු නැතේ විලේ මලයි වැලේ මලයි තිබෙන සුවඳ පැහැය නැතේ සිනිඳු සුමුඳු බව පිරිලා සුවඳ මිහිරි පැණි පිරිලා නටුවෙන් වත් ගත නොහනා මොටද එවන් මල් පිපිලා

Wile Pipunu Malak lyrics · Milton Mallawarachchi