Baanen Banda
බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ උදයෙම මේ කය නිසසල වන්නේ ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ උගෙන් මැඩූ බැත දනට පුදන්නේ // උන්ගෙම හම බෙර හඳට බඳින්නේ උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ // බත් සහ කිරි රස දෙකම නොදන්නෝ මිනිසත් බව ලැබ කුමට උපන්නෝ ලේ කිරි අයිතිය වහු පැටියන්නේ දම් සක්වල ගල වැදී බිඳෙන්නේ ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ හිත් වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ
