Thotupola

Heenayakda Me Nil Manik Dasa Lan Wela

Sashika Nisansala

හීනයක්ද මේ නිල් මැණික් දෑස ලං වෙලා නෑ ඉතිං අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා සාගරේ දනී ආදරෙත් මේඝයක් උනා සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුනා දෝරේ ගලා යන කඳුළු ගංගා සිඹී දෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපේ කාලේහි කියා දුන් නෙක දුක් නිවී පීරු අහසේ තරු මල් දැන් ඇත විකසිත වී මා සුපෙම් ප්‍රියාවියේ .... මේ පන නලත් ඔබේ හීනයක්ද මේ .... මගේ ලයේ ඔබෙ සුසුම් රෑනක් එතී කීව දොම්නස් ගීත ගොන්නක් හඩා වැටේ සිනා ගෙන ඔය දෑස් කැල්මෙහි මිදී කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී මා සුපෙම් ප්‍රියාවියේ .... මේ හදවතත් ඔබේ හීනයක්ද මේ ....

Heenayakda Me Nil Manik Dasa Lan Wela lyrics · Sashika Nisansala