Kandulu Gala
කඳුළු ගලා ගංඟා සේ මා හඬනා හෝරාවේ ඔබ කොහෙදෝ මා ළඳුනේ සමුගන්නේ ඇයි මෙලෙසේ පිදු මා සිත මල් ගෙන සුන්කරදා ඔබ කොයිබද සැඟව ගියේ ඇයි ඒ මල නැවත නොදෙන්නට මා රිදවා ගියේ දෙනුවන් හඬාවී ඔබගේ මුසාවෙන් කොතරම් කියාදී මට කන් නොදී දෙසිතක් සොයා ඔබ මට ශාප වී කඳුළු ගලා .... රැ තුන්යාමේ මා නම් දැවී යයි පෙරකල පවක්දෝ පලදී තියේ තනියෙන් හිදින්නම් සංසාරයේ කඳුළු ගලා ......
