Sande Man Anda Siththam
සඳේ මං ඇන්දා සිත්තම් මගේ ආදරේ හැඩයෙන් වළාකුල් වැල්ලේ හංඟා රැයේ පීදෙනා තරුමල් මීඳුම් තලාවේ රෑ සීත යාමේ උන්මාදයෙන් සැතපිලා ඉන්නම් ඉතින් මං මල් හී අරන් දැන් මගේ මල්සරා එනතුරා සදේ මං ඇන්දා සිත්තම් මගේ ආදරේ හැඩයෙන් උණුසුම් හැඟුම් පිරුණා හදේ කියාගන්නටවත් බැරි තරම් තනිකම් දොසින් තනිවී තැවේ හිතේ හැංඟලා පෙම් පැතුම් කවදාක හමුවේද හිමි ආදරේ // මෙතුවක් හිතින් පැතුවේ තුටින් සදානන්ද වු ජීවිතේ සිහිනෙන් පවා ඔහු හා වෙලී පියාපත් ලැබී පාවුණේ කවදාක හිමිවේද පතු ජීවිතේ // සඳේ මං ඇන්දා ....
