Thotupola

Kodukara Mage Hithata Aala Hagum Gena

Saman Indika

කෝඩුකාර මගේ හිතට ආල හැඟුම් ගෙනා ශ්වේත පියුම් වගේ දිලුන කෝල නුඹේ සිනා දෑස ලඟම තියා ගන්න මේ දිවි ඇති තුරා පාරමිතා පුරනවා මං හැම මොහොතක් පුරා // කොලොම්පුරේ නැති ලස්සන මිණිපුර සතු වෙලා කඩා වැටෙන මීදුම් හා මුමුණයි තුරුලතා අහන්නැතුව මම හිටියේ තරහ වේවි කියා // දෙනෝදහක් අතර හිටිය මට සොඳුරුම කෙනා බලා උන්නෙ දිය ඇල්ලට වැඩිය නුඹේ දිහා එදා කිසිත් නොදොඩා නුඹ ගියද වහන් වෙලා මිණිපුර මං එනවාමයි ආයේ නුඹව සොයා // කෝඩුකාර මගේ හිතට ....

Kodukara Mage Hithata Aala Hagum Gena lyrics · Saman Indika