Obe Katakarana Es Mata
ඔබෙ කථා කරන ඇස් මට හැමදාමත් තාම මතක් වෙනවා කට කොනින් පාන මද සිහින් සිනාවන් තාම මතක් වෙනවා තාම මතක් වෙනවා හිත තාම රිදුම් දෙනවා හිතින් ආදරය කරමින් ඉද්දී වැඩි දවසක් යන්නට කලියෙන් මගේ කුළුඳුල් ආදරේ ඔබ දිවිහිමියෙන් පිළිගත්තා මා නොසිතු විලසින්නේ අන්සතු වේ යයි හිතුනා කටුක ජීවිතය කොළඹ ගෙවද්දී දුවිලි හුළඟින් හුස්ම අරං බිඳ ගිය පෙම් ලෝකයෙන් ඔබ හැමවිටකම සිහි වෙනවා ඒ වුනමුත් කෙදිනක හෝ මට ඔබවම හිමි වේවා
