Thotupola

Me Mulu Ahasama Madi Mata

Victor Rathnayake, Srimathi Thilakarathne

මේ මුළු අහසම මට මදි ඔබ ගැන මෙතුවක් නොලියූ ගීය ලියන්ට පුංචි තාරකාවක් දැල්වෙන තැන ඇත ඉඩ ඔබ ගැන ගීය ලියන්ට // සප්ත සමුදුරෙහි නිල් සායම් ඇත එක පැහැයක් මදි ඔබ රුව අඳිනට ඇසින් වැටෙන එක කඳුළු බිඳක් ඇති මට ඔබෙ පිලිරුව සිතුවම් කරනට මේ මුළු අහසම .... සිත් දහසක් මදි ඔබ ගැන සිතුමට එපමණ ගැඹුරක් ආදරයෙහි ඇත එක සිතකින් මේ ගැන සිතිහැකි මට ආදරයට සිත් දහසක් ලොව නැත මේ මුළු අහසම ....

Me Mulu Ahasama Madi Mata lyrics · Victor Rathnayake, Srimathi Thilakarathne