Domnasin Bara
දොම්නසින් බර නිම් වළල්ලේ - තුන් ලොවේ ඝනදුර සලා මෙත් සිහිල් කරුණා විරාගික - දම් අමා ගඟ යයි ගලා කප් ගනන් පෙරුමන් පුරා - බුදු පදවි ලද සමිඳුන් මුවේ ඇඳී ඇති පින්බර සිනාවෙක - රැඳී ඇත ලොව්තුරු සුවේ නිරාමිස සුවඳැල් බැඳුණු - හිමි දෙපා දෙවුමට මගෙ ඇසේ විරාගික කඳුළැල් නැගී එයි - පතා සදහම් අම රසේ
