Mage Samarum Pothe
Priya Sooriyasena · Golden Voices of Sri Lanka, Vol. 2 · 2:54
මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා පුංචි නිල්පාට අකුරින් ලියා නොයමි හැරදා ඔයා ඔබ මගේ යැයි කියා පැතුවේ සිතුවේ බොරුවටද ඔයා මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා පුංචි නිල්පාට අකුරින් ලියා පාසල හැර අප වෙන්වී ගියා මතක සේයා මවා ඔබ ලියු දේ තියා කියු දේවල් පවා සුළගේ විසිරී දූවිල්ල වගේ මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා පුංචි නිල්පාට අකුරින් ලියා උණුසුම් ආදර වදනක් පොතේ අද ඇතේ ලියැවිලා මා සිතින් වැලපීලා සොදුරු සැමරුම් බලා සැමදා මෙලෙසේ සිහිකරමි ඔයා මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා පුංචි නිල්පාට අකුරින් ලියා නොයමි හැරදා ඔයා ඔබ මගේ යැයි කියා පැතුවේ සිතුවේ බොරුවටද ඔයා මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා පුංචි නිල්පාට අකුරින් ලියා
