Thotupola

Mathak Wenawa

Sithum Nimantha

මතක් වෙනවා සිතත් රිදිලා ඔයා ගියදා සෙනෙහේ හැරදා කියාගනු බෑ දුකයි සැමදා සිනහා මතු නෑ කඳුළු රැඳුණා හිතත් අසරණ මගේ තනිවෙලා පාළුවේ සොයාගනු බෑ කෙනෙක් ඔයා විතරයි මගේ....... එනවද හීනෙක පාවෙලා හිනැහෙන්නට මොහොතක් ඔයා කඳුළු වලින් නෙත පුරවලා ගියදා ඉඳලාම වැලපුණා හිත මගේ හඬමින් ඉල්ලලා ඇස් දෙක අන්සතු වී ගියා....... සුසුමක් තරමට ළංවෙලා සිටියෙත් ඔබමයි පෙර එදා අසරණ මගේ හිත තනි නිසා දුක් දෙන මතකය සිහි කළා යන්නම් සමුගෙන මං සදා සතුටින් ඉනු මැන මගේ පණ ඔයා...... මතක් වෙනවා......... (සොයාගනු බෑ කෙනෙක් ඔයා විතරයි මගේ.......)

Mathak Wenawa lyrics · Sithum Nimantha