Thotupola

Golu Hadawatha

Paul Fernando

ගොළු හදවත විවර කරන්න නොඉඳ හිතේ තද කරන් මට කියන්න කඳුළු සලන්න ඉඩ නොතබන්න කඳුළු සලන්න ඉඩ නොතබන්න මුවගින් සිනා නඟනවා - නෙතගින් බැලුම් බලනවා ඉන් රහසක් පැවසෙනවා - වාගේ මට වැටහෙනවා ගොළු හදවත විවර කරන්න.... දැඩි සෙනෙහසක් තියනවා - එය හිත තුළ තෙරපෙනවා ඔබ තනියම දුක් වෙනවා - වාගෙ මට වැටහෙනවා ගොළු හදවත විවර කරන්න.... ගීයෙන් ඔබ අමතනවා - මගෙ අදහස පවසනවා ඔබ නිහඬවම සිටිනවා - මා හදවත වැළපෙනවා ගොළු හදවත විවර කරන්න....

Golu Hadawatha lyrics · Paul Fernando