Thotupola

Egoda Gode Mal

Paul Fernando

එගොඩ ගොඩේ මල් නෙළනා මල් එතනෝ මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ (උඹ කාගෙද උඹ කාටද මල් එතනෝ)..// දෙමට කැලෙන් දර අහුලාගෙන එනවා දෙවට ළිදෙන් කළයට දිය ගෙන එනවා ඕළු විලෙන් දිය නාගෙන ගෙට එනවා පාළු කුඹුර උඹ හින්දම වපුරනවා මගෙ පාළු කුඹුර උඹ හින්දම වපුරනවා එගොඩ ගොඩේ මල් නෙළනා ... කදුරු වෙලෙන් පන් උදුරාගෙන එනවා පැදුරු වියන් ලස්සන රටා මවනවා අඳුර මකා හවසට හඳ පායනවා සොඳුර නිසා ගමටම කිරි ඉතිරෙනවා ප්‍රිය සොඳුර නිසා ගමටම කිරි ඉතිරෙනවා එගොඩ ගොඩේ මල් නෙළනා ... (උඹ කාගෙද උඹ කාටද මල් එතනෝ)..////

Egoda Gode Mal lyrics · Paul Fernando