Ayiyandiye
අයියණ්ඩියේ පොඩි දා සිට අප දෙන්නා එක වහළක් යට වැලි කෙළමින් උන්නා එක කුස උන් සුවඳින් සෙනෙහස වැඩුණා කිරි එරුණා සේ නුඹ මා වෙත බැඳුණා නුඹ පසු බැස්සේ මට ජය ගෙන දෙන්නයි දර දිය ඇද්දේ මට බත සපයන්නයි කුසගිනි දැරුවෙ මා කුස පුරවන්නයි වැරහැලි ඇන්දෙ මට පිරුවට දෙන්නයි සොයුරන් ඇත ලොව මව්වරු පියවරු වන් දුක සැප හමුවේ බිතු සිතුවම් රූ මෙන් පෙම් කවි ගොතනා කිව්වරුනේ සුපසන් සෙහොයුරු පෙම ගැන තව කවි ගී ලියපන්
