Nidibara Sithuwili Pubudala
නිදිබර සිතුවිලි පුබුදාලා පිනිදිය ගඟුලෙහි නහවාලා අරුමැසි විසිතුරු පවසාලා සුමියුරු සත්සර නංවාලා...... (පියමැන ආ මග මුතු අතුරා සිහින් රුවන් සොමි කැන් පතුරා....//) සුරත ගෙන ඇදී පැමිණි ගමනෙදී එමට මල් පිපී නොබැලුවෙමි එබී...... නිදිබර සිතුවිලි...... (පිවිතුරු මා හද ඔබට පුදා පායන තුරු පසු දින දිනිදා....//) ගෙවූ මැදියමේ තවම උණුසුමේ ඔබට අමතකයි මට තව මතකයි...... නිදිබර සිතුවිලි.......
