Alhene Pal Rakiddi
(ඇල්හේනෙ පැල් රකිද්දී - කුඹුරේ කරල් කපද්දී ඔබ කීව ගීතිකාවෝ - මට නෑ ප්‍රියේ ඇසෙන්නේ...//) මල් රේණු රේණු උරලා - පැණි බොන්න ආව බඹරා වගෙ හැංගිලාම ඉදලා - ඔබෙ ගීත මිහිර විඳලා මම ගියෙ සුසුම් හෙලාලා වන මල් නෙලා ගෙනල්ලා - ඔබෙ රූපෙ වාගෙ හදලා මම ඒක ඉම්බ තාලේ - ඔබ නෑ දයාවි දන්නේ පොඩි පරවියෙක් ඇවිල්ලා - මගෙ කන ළගින් ගිහිල්ලා මොනවාද රහසෙ කීවා - උන් එව්වේ ඔබද මිහිරේ මගෙ දෝතෙ මල් පිපීලා - හොඳ පාට පාට වීලා තිබුණා එදා නිදද්දී - තේරෙන්නෙ දැන්නෙ සිහිනේ තේරෙන්නෙ දැන්නෙ සිහිනේ ඔබ තනිව උන්න යාමේ - ඔබ තනිව බැන්ඳ ප්‍රේමේ නොකියා ගියේ සුදෝ ඇයි - දැන් නම් අනේ ප්‍රමාදයි හිත මාගෙ දෙන්න කියලා - මම ආමි ප්‍රේමි සොයලා ආවේ ප්‍රියා පමා වී - දැන් නම් පලක් නොවේවී දැන් නම් පලක් නොවේවී ඔබ ඉන්න පැත්තෙ ඉඳලා - එන සුළඟ මම සිඹිනන්ම් මේ ජීවිතේදි බැරි නම් මතු ජාතියෙදි ලබන්නම් මේ වන් දුකක් නොවේවා - ප්‍රේමෙන් දුකක් නොවේවා මෝරාලා බැන්ඳ ආලේ - මතුදාත් ඔබ ලැබේවා
