Bambarun
නැවුම් බව මල් පොහොට්ටුවේ පෙති විහිදෙන සියුම් බවේ දුර විහිදෙන සුවඳ පොදේ බඹරුන් වසඟ වී රොනට ඇදේ...... (මලට ආදරේ ඇති බඹරුන් මල නොතලා රොන් ගනී රොනට ලොල් වෙලා ආ බඹරුන් මල තලා පෙලාවී.....//) නැවුම් බව....... (රොන් සිඳී මුකුලිත වූ දා බඹර ඇස නොගැටේවී හිරු කිරණ සිප වියලූණු දා සුළඟ පෙති විසිරාවී.......//) නැවුම් බව....... බඹරුන් වසඟ වී රොනට ඇදේ......///
