Duwana Lesata
දුවන ලෙසට පවසෙ පෙළි පෙළී - මුව දෙන උල් දියට සුසුම් ලා හැපෙයි මගේ දෙවියනේ මගෙ අත් බව ඔපමැ සොය සොයා වතට වත දිදී - දකිම් මම කෙදා දෙවිඳු මගේ - සුරිඳු මගේ - එකමැ හිමි සදා මගෙ පන වන ඔබට දෙවියනේ - මන දොළ මගෙ සයින් තැවෙන්නේ ලැබෙනු ඇතිද මට කෙදා - දැක ගන්නට මුහුණ දෙවි සඳා උදේ හවහෙ මගේ අහරනේ - ගලන කදුළු මගේ ඇස් දෙකේ දෙවියො කොහෙද දැන් තගේ - ඇණුම් බැණුම් ඇසේ හැම දිනේ කොහොම ගියෙමි සෙනඟ සමගෙදා - බලා මැඳුර දෙවිඳු වඳිනෙටා සිහි වන විට එහෙව්දා - හද මගෙ යෙයි දැනුත් උතුරලා පසස ගැයුම් තුති ගී මැද්දේ - ජයමංගල උදම්නෙ සිරසේ එදා ගෙවුනෙ කොහොමදෝ - සිහි වන විට තවම හද තැවේ ඇවිදැ තවම ආත්මයෙනි මේ - දුතැට පත්ව ඉන්නේ වැළැපී නොසන්හිඳී තැවෙන්නේ - පතා හිඳුව දෙවියන් සරණේ
