Koha Gayu Gee
කොහා ගැයූ ගී ඇසේ සුමිහිරි අවුරුද්දේ සද්දේ ඒවි ගම් පැත්තේ සිංහලයේ ප්‍රීති ගේන මංගල්ලේ......// කොහා ගැයූ ගී...... මල් පීදීලා කෙත් වීදිලා....// ඇළ දොළ පිරිලා කෙත් සරු වෙලා සාමය වඩාලා එකමුතු වෙලා තෙරුවන් පීදුවා ආලෙන්...... කොහා ගැයූ ගී....... කිරිබත් උයා කැවුමුත් සදා....// අතිරස කොකිස් කිවිලි හදා ඔංචිලි බැඳිලා වාරම් කියා සෙල්ලම් විනෝද කාලේ....... කොහා ගැයූ ගී....... කවි ගී ගයා රබනුත් ගසා.....// රතිඤ්ඤා හඬයි මේ හැමතැන් පුරා මිහිරක් දැනේවි හැම සිත් පුරා සැණකෙළි විනෝද කාලේ...... කොහා ගැයූ ගී......//
