Nil Kandu Pawurayi
නිල් කඳු පවුරයි - මහවැලි දිය ගඟුලයි විරුවන් දිනූ - මා ඉපදුණු ගම මහනුවරයි ගම මහනුවරයි - ගම මහනුවරයි ගම මහනුවරයි - ගම මහනුවරයි දළදා හිමි සිවු දිව් වැඩ වසනා රතඳුල් මල් ගොමු බිඟුසර නගනා සිහිලස දෙන වැව් කොමළිය රඟනා සරු බිම සැමදා සිරිකත රැදෙනා පඬිවරු යතිවරු - නිරතුරු ගැවසේ සිරසක දී නිති - සරසවි නිවසේ සදළු තලා මත කිඳුරියො හිනැහේ එහි උපදින්නට පින් කල යුතුවේ
