Asuru Thanak Vee
අසුරු තැනක් වී කාලය පැන යයි ඔබ මා ළඟ හිඳිනා කල්ප ගණන් වී තනිකම පමණයි මට ඉතිරිව රැඳිලා පෙරුමි පුරා මග බලා හිඳින්නම් හමුවන මොහොතක පැතුම දරා හමු වූ මොහොත ද රහසේ ගිලිහෙයි වෙන් වීමක දුක යළිදු සදා නොහිමි හැඟුම් විඳ දරා හිඳින්නම් හමුවන මොහොතක දොඩන තුරා හමු වූ මොහොතද ගොළු වී වියැකෙයි ළං වීමක දුක යළිදු සදා
