Basa Seethala Gangule
බැස සීතල ගඟුලේ - පීන පීන නාමුකෝ නගෝ හඳපානේ - හඳපානේ සීතල ජලය අගෙයි ගත සිත පිනයි පිනයි පොඩි පොඩි රැළිද නඟී - රාසි රාසි පෙණ කැටි ඇති සමනල කන්ද පෙනෙයි කදිමට හඳ එළියේ හනිකට පදිමු නගෝ - නාමු නාමු ගිලෙමින ජලයේ මානෙල් ඕළු නෙළුම් පිපිලා යසයි යසයි නෙළමින පීනමුකෝ - ප්රීති ප්රීති පෙමින බෝ ලෙසේ ජලයේ ගිලී මෙසේ පිරිසිදු වෙමුකෝ නගෝ අළුයම වදින ලෙසින - සාධු සාධු ඒ මුණි සිරිපා නෙළමින මේ කුසුමන් සිරිපා වඳිමු බැතින් එසමන් දෙවි පිහිටෙන් - යාමු යාමු අපි හිමිදිියේ හිඳිමුද මෙහිම නගෝ පොඩි පැල්පතක් තනා සැමදා වදිනට හැක - සාධු සාධු ඒ මුණි සිරිපා
