Thotupola

Eka Kirulak (Sulochana)

Amara Ranathunga

එක කිරුළක් පළදින්නට බෑ එකම සිහසුනේ ඉන්නට බෑ සුලෝචනා අප දෙදෙනාටම එක රජ දහනක රජ කරන්ට බෑ..... මගේ කඳුල ඔබගේ දෙතොලේ සුවඳ සිනා රැල්ලක් වේවා සුලොචනා දුක නොහඳුනනා ඔබ මේ ගැන තව ලත විය යුතු නෑ..... එක කිරුළක්...... ආදරයක් වෙනුවෙන් දෙන්නා තරඟයකට ඉඩ දිය යුතු නෑ සුලෝචනා අප දෙදෙනාටම එක හදවතකට පෙම් කරන්ට බෑ..... එක කිරුළක්...... කිරුළ සිහසුනයි රජ දහනයි ඔබටම පවරා පිට වෙන්නම් සුලෝචනා අප දෙදෙනාටම එක හදවතකට පෙම් කරන්ට බෑ..... එක කිරුළක්...... (සුලෝචනා අප දෙදෙනාටම එක රජ දහනක රජ කරන්ට බෑ).....//

Eka Kirulak (Sulochana) lyrics · Amara Ranathunga