Thotupola

Wimane Dinindu Mage

Amal Perera, Deepika Priyadarshani

විමනේ දිනිඳු මගේ - ඔබ වේ සසර මගේ සඳ රැසේ - එළිය සේ - බිළිඳු සිනා සැලේ ජීවිතේ - සිහිනයේ - සුවඳ විහිදුවා - ගීතයේ - මී සරේ - මිහිර අතුරලා සොඳුරු මේ - දිවි තෙරේ -තරුව ඔබය සදා පුතුගේ සිඟිති නෙතේ - ඔබගේ මුහුණ පෙනේ සඳ රැසේ - එළිය සේ - බිළිඳු සිනා සැලේ මිරිඟුවේ - තිමිරයේ - හැබෑ රුව වෙලා ඝනදුරේ - පහන සේ - විමන දිදුළවා රුදුරු මේ - මං පෙතේ - තරුව ඔබය සදා විමනේ දිනිඳු මගේ - ඔබ වේ සසර මගේ සඳ රැසේ - එළිය සේ - බිළිඳු සිනා සැලේ ගිනි දැල් සතර දෙසේ - රසු දැල් නඟන ලෙසේ ඔබ ද හා - පුතු සදා - රකිමි දෙනෙත ලෙසේ

Wimane Dinindu Mage lyrics · Amal Perera, Deepika Priyadarshani